Friday, October 21, 2011

Cetificate of JAAI. ජායි සහතිකය


මෙය ජපානය තුල භාවිථා කරන ලද යම් මෝටර් රථයක් ශ්‍රි ලංකාව වෙත හෝ වෙන යම් රටකට අපනයනය කිරීමේදී එම මොටර් රථය තව දුරටත් භාවිථා කිරීමට සුදුසු ධාවන තත්වයේ තිබෙන බව සහතික කරමින් ජපානයේ Japan Auto Appraisal Institute නම් ආයතනය මගින් නිකුත් කරනු ලබන යෝග්‍යතා සහතිකයයි. ශ්‍රි ලංකාව වෙත ජපානයෙන් ගෙන්වන මොටර් රථ බොහෝමයක් ජපානයේ භාවිථා කරන ලද (Unregistered Recondition) තත්වයේ ඒවායි. මෙහිදී ජායි සහතිකය වැදගත් වන්නේ එය තව දුරටත් භාවිථා කිරීමට සුදුසු තත්වයේ පවතින බව ජපාන විසින්ම නිර්දේශ කොට සහතික කර ඇති බැවිනි. තවද මේ වන විට අප රටෙහි බල පැවැත්වෙන නීතිය වන්නේ පෞද්ගලික පරිහරනයේ තිබූ මෝටර් රථයක් ගෙන්වීමේදී එය වසර 3කට නොවැඩි විය යුතු බවත් යම් ආයතනයක් තුල භාවිථා කොට ගෙන්වන ලද වාහනයක් නම් එය වසර 5ට වැඩි නොවිය යුතු බවත්ය. මෙහි ඇති ලින්ක් එක ඔස්සේ ජායි සහතිකය පිලිබඳ තවත් දීර්ඝ විස්තරයක් ලබා ගත හැක. මේ සමඟ පළ කර ඇති පින්තූරය තුල දක්වා ඇත්තේ ජායි සහතිකය හා අදාල සහතික කර අලවනු ලබන ස්ටිකර් එකයි.....
http://www.japanautotrading.com/jaaiview.php

Bajaj ULC project









බජාජ් ත්‍රි වීල්, මෝට බයික් පැදපු අපේ අයටත් මේක සුභ ආරන්චියක් වෙයි. ඔන්න ඉන්දියාවෙ බජාජ් සමාගම අළුතින් කාර් එකක් වෙලඳපොලට එවන්න කටයුතු කරන් යනවලු. මේකට බජාජ් සමාගමට සහයෝගය ලබාදෙන්නෙ නිසන් හා රෙනෝල්ට් සමාගම් කියලයි දැනගන්න තියෙන්නෙ. දැනට මේ වාහනේ වෙලඳපොලට ඉදිරිපත් කරලනම් නෑ. පරීක්ශන මට්ටමේ තමයි තියෙන්නෙ. වාර්ථා වෙන හැටියට මෙහි ගියර් පද්දතිය automatic and manual යන ලෙසින් හා ඉන්ජිම සිලින්ඩර 2ක petrol and diesel දෙආකාරයටමත් නිපදවීමට බලාපොරොත්තුවෙන් සිටින බව තමයි දැනගන්න තියෙන්නෙ. ඒ වගේම මේ කාර් එක ඉන්දියාව ඇතුලෙ 2500$ත් 3000$ත් අතර මිලකට වෙලඳපොලට නිකුත් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නෙ. සමහර විට මේක බජාජ් සමාගම ටාටා නැනෝ එකට දුන්නු හොඳ උත්තරයක් වෙන්න පුළුවන්. කොහොම උනත් ලඟදි දවසක අපිටත් බජාජ් කාර් එකක යන්න පුළුවන් වෙයි. මේ තියෙන්නෙ බජාජ් කාර් එකේ පින්තූර ටිකක්.

මිනි කූපර්

මිනි කූපර් එක නිපදවල තියෙන්නෙ 1959 දි බ්‍රතාන්‍යය මෝටර් රථ සමාගම (British Motor Corporation) විසින්. මෙහි නිර්මානය සැලසුම් කරල තියෙන්නෙ Sir Alec Issigonis කියල මහත්තයෙක්. මිනි කාර් කාන්ඩය ගත්තහම ලොකු මාදිලි පරාසයක් තියනව. මිනි පිකප්, මිනි රෝවර්, මිනි මාර්ක්, මිනි කූපර්, මිනි වෑන්, මිනි මොක්, මිනි ක්ලබ් මන්, වගේ විශාල පරාසයක්. 1966න් පස්සෙ... වාහන කාන්ඩය ඔස්ටින් (Austin) හා මොරිස් (Morris) නාම යටතේ නිෂ්පාදනය ආරම්භ කරන්න පටන් අරන් තියනව. 1980 වෙද්දි කොහොම හරි මිනි කූපර් නිෂ්පාදනයේ පූර්න අයිතිය Austin සමාගම සතු වෙලා තියනව. මේ අපූරු වාහනේ තාක්ශනික පැත්ත ගැන කියනවනම්, ෆරන්ට් වීල් ඩ්‍රයිව් (front-wheel-drive) කරන කාර් එකක්. ඉන්ජින් ධාරිතාව 850CC ඉදන් 1275CC වෙනකම් ඇවිත් තියෙනව. සාමාන්‍යයෙන් මේකෙ ගියර් පද්දතිය ගියර් 4 ස්වයංක්‍රය හා මැනුවල් කියන දෙවිදියටම ඇවිත් තියනව. හැබැයි ගියර් 5 විශේෂ මාදිලියකුත් නිපදවල තියනව. මේකත් වොක්ස් වැගන් එක වගේ දොර දෙක කාර් එකක්. මිනි කූපර් එක තාමත් නිපදවනව, හැබැයි ආවේනික පෙනුමට ලොකු හානියක් නොකර. දැන්නම් මේ කාර් එකට හැමෝම කථා කරන හයිබ්‍රඩ් තාක්ෂනයත් එකතු කරල තියනව. මේකෙ පින්තූර ටිකකුත් මම දාන්නම්. ටිකක් සූම් කරල බලන්න වෙයි.

වොල්ක්ස් වැගන් බීට්ල්

වොල්ක්ස් වැගන් බීට්ල්. 1938 දි විතර ජර්මනියෙදි තමයි වොල්ක්ස් වැගන් බීට්ල් රථය බිහි වෙන්නෙ. කාර් එකේ නිර්මාතෘ ලෝක ප්රවකට ෆර්ඩිනන්ඩ් පෝෂර් (Ferdinand Porche). බීටල් රථය ඇත්තටම හිට්ලර් නිසා නිපදවුන එකක්. මේ කාලයේදි හිට්ලර් නියෝගයක් නිකුත් කර තිබෙනවා මෝටර් රථ නිශ්පාදකයින්ට, සාමාන්ය් පවුලකට දරන්න පුලුවන් මිලකට සැප පහසු කාරයක් නිපදවන ලෙස. Porche ඔහුගේ මෙම බීටල් රථය හිට්ලර්ට පෙන්වා හිට්ලර්ගේ නියෝගයට මෙය සම්පූර්නයෙන්ම ගැලපෙන් බව පෙන්වාදී තිබෙනවා. මෙම රථයේ ඇති විශේෂතාවයක් වන්නේ ඇන්ජිම කාරයේ පසුපස කොටසේ පිහිටා තිබිමයි. වායු සිසිළන පද්දතියක් සහිත ඇන්ජිම සිලින්ඩර 4කින් යුක්තය.ඇන්ජිමේ ධාරිතාව 1000,1100,1200,1300,1500 සහ 1600 වැනි මාදිලි වලින් මුල්කාලයේ නිෂ්පාදනය කෙරින.මෙය දොර 2 කින් යුක්ත වන අතර  කාරය නිමවා ඇති ලෝහය ඉතාමත් ශක්තිමත්ය. මෙහි ඉතා අගනා engine සහ suspension තාක්ෂනයක් යොදාගෙන ඇත. අද වන විට 2012 ටද මාදිලියක් ඉදිරිපත් කරමින් වොල්ක්ස් වැගන් රථය බොහෝ දුර ගමනක් පැමින ඇත. එදා හිට්ලර්ගේ නියමයක් මත නිපදවු බීට්ල් රථය මේ තරම් දුර එයි යැයි ෆර්ඩිනන්ඩ් පෝෂර් වත් නොසිතන්නට ඇත.

ගිනස් පොතේ පුංචිම කාර් එක

මේ ගිනස් පොතේ පුංචිම කාර් එක ගැනයි . මේක කාර් එකක් කිවුවට ටිකක් ජිප් එකක හැඩේ තමයි තියෙන්නෙ. ජර්මනියෙ ඇසෑන් ප්‍රන්තයෙ පෙරී වැට්කින්ස් කියල මහත්තයෙක් තමයි මේක හදල තියෙන්නෙ. කාර් එකේ උස අගල් 47යි, දිග අඟල් 51යි, පලල අඟල් 26යි. මේ කාර් එකේ උපරිම වේගය පැයට කි.මී 160ක් කියල තමයි කියන්නෙ. කාර් එකට අපූරු නමක් තමයි දීල තියන්නෙ (ගුලි කරපු පුංචි කාර් එක) (wind up mini car). හැබැයි ඔන්න මගෙන් අහන්න එපා මේකෙ මිනිහෙක්ට කොන්ද කෙලින් තියාගෙන එලවන්න පුළුවන්ද කියල එහෙම............

ලෝකෙ දිගම ලිමෝ එක

මේ ගිනස් වාර්ථා අතරට ගිය ‍ලෝකෙ දිගම ලිමෝ එක. මේකෙ සම්පූර්න දිග අඩි 100ක් (මිටර් 35.5ක්). මේක ඇහුවහම හිතෙන්න පුළුවන් මේ තරම් දිග වාහනයක් කොහොමද හරවන්නෙවත් කියල. ඇත්තටම මේ වාහනේ මැදින් නැමෙන විදියටයි හදල කරල තියෙන්නෙ. මේ කාර් එකට රෝද 26ක් තියෙනව. ලොකුම පුදුමෙ තමයි මේ කාර් එකේ ඇතුලෙ ලොකු ජගුසි ටබ් Jacuzzi tub එකක්,හෙලිකොප්ටර් පෑඩ් එකක්, හිරු එලියෙ වාඩිවෙලා ඉන්න පුටු sun deck, swimming pool එකක්, විශාල ඇඳක්, සහ සැටලයිට් ඇන්ටනාවක් එහෙම තියන එක. මේක හදල තියෙන්නෙ ඇමරිකා වේ කැලිෆෝනියා ප්‍රන්තයේ ජේ ඕබර්ග් කියල මහත්තයෙක්. මේක නිකන් නම් පාරෙ දුවන්නෙ නෑ. ප්‍රදර්ශන, ‍ෆිල්ම් වලට විතරක් ගන්න එකක්ලු. පහල මේකෙ පින්තූර ටිකකුත් තියනව, බලන්න.

ලොව ප්‍රථම වානිජ මොටර් රථයToyota AA

Toyota AA
ටොයොටා සමාගමෙහි ප්‍රථම වානිජ මගී (passenger) මෝටරථය වශයෙන් සැලකෙන්නේ Toyota AA ‍මෝටර්රථයයි. 1936 ජපානයේ නිපදවා ඇති අතර ගියර් පද්දතිය ගියර් 3 මැනුවල් ලෙස නිපදවා ඇත. ඉදිරි පස ඉන්ජිම ඇති අතර rear-wheel drive මෝටර් රථයකි. මේ ඊට අදාල විස්තරයි
Manufacturer : Toyota
Production : 1936–1943
Assembly : Koromo, Japan
Predecessor : A1
... Class : medium size family car
Body style : sedan (AA), cabriolet (AB)
Layout : front-engine, rear-wheel drive
Platform : ladder chassis
Engine : Type A
Transmission : 3 speed floor shift manual
Wheelbase : 2,851 mm (112.2 in)[1]
Length : 4,737 mm (186.5 in)
Width : 1,734 mm (68.3 in)
Height : 1,737 mm (68.4 in)
Curb weight : 1,500 kg (3,306.9 lb)

2011 World Car of the Year.



FERRARI NA 458 ITALIA (BEST PERFORMANCE CAR OF THE 2011)

2011 World Car of the Year.


CHEVROLET VOLT (BEST GREEN CAR OF THE 2011)

2011 World Car of the Year.


Aston Martin Rapide (BEST Design OF THE Car 2011)

2011 World Car of the Year



NISSAN LEAF (BEST CAR OF THE YEAR 2011)

Rolls Royce Concept Car by Jeremy Westerlund

Rolls Royce Concept Car by Jeremy Westerlund


This Rolls Royce Apparition concept car was designed by Student Jeremy Westerlund while studying at the Art Center school of design, and it manages to blend the past, present, and future of Rolls-Royce into one ridiculously slick package.

මිනි කූපරෙත් මොඩ් වෙලා

අපි හැමොම දන්න මිනි කූපර් එක දැන් තවත් අළුත් වෙලා. glass roof එකක් optical illumination සහිත අලංකාර නිමාවකින් යුතුව සිලින්ඩර් 3ක එන්ජිමක් සහිතව නිපදවලා මෙන්න මේ විදියට.........

CX-5 SUV

මේ තියෙන්නෙ 2011 අන්තිමට මැස්ඩා සමාගමෙන් වෙලඳපොලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන SUV වර්ගයේ ජීප් රථයයි. මෙය නම්කර තිබෙන්නේ CX-5 SUV ලෙසයි. මැස්ඩා සමාගම පවසන පරිදි මෙම මොටර් රථයට ‍ඔවුන් යොදා ගැන්මට බලාපොරොත්තු වන්නෙ ultra-efficient Sky engine නම් නවතම එන්ජිමයි. මැස්ඩා සමාගමට අනුව මෙය ඉතාමත් කාර්යක්ශම ඉන්දන දහනයක් සහිත එන්ජිමකි.

Harley-Davidson special edition Truck

හාලි ඩේවිට්සන් කියන මොට බයික් ගැන නම් හැමොම දන්නවට කිසි සැකයක් නෑ. ඒත් හාලි ඩේවිට්සන් ට්‍රක් ගන අහලා තියනවද? මේ Harley-Davidson special edition Truck එකක්......

BMW M3 Frozen Black Special Edition

BMW M3 Frozen Black Special Edition
This one is Limited Edition
Powered by a 4 liter V8 engine
It has a double clutch transmission System
Can reach 0-60mph within 4.5 seconds