මෝටර් රථ ගැන කථා කරන්න, තාක්ශනික දැනුම බෙදා ගන්න, මොටර් රථ ක්ශේත්‍රයේ අළුත්ම ප්රවනතා ගැන දැනගන්න.
Friday, October 21, 2011
ලෝකෙ දිගම ලිමෝ එක
මේ ගිනස් වාර්ථා අතරට ගිය ලෝකෙ දිගම ලිමෝ එක. මේකෙ සම්පූර්න දිග අඩි 100ක් (මිටර් 35.5ක්). මේක ඇහුවහම හිතෙන්න පුළුවන් මේ තරම් දිග වාහනයක් කොහොමද හරවන්නෙවත් කියල. ඇත්තටම මේ වාහනේ මැදින් නැමෙන විදියටයි හදල කරල තියෙන්නෙ. මේ කාර් එකට රෝද 26ක් තියෙනව. ලොකුම පුදුමෙ තමයි මේ කාර් එකේ ඇතුලෙ ලොකු ජගුසි ටබ් Jacuzzi tub එකක්,හෙලිකොප්ටර් පෑඩ් එකක්, හිරු එලියෙ වාඩිවෙලා ඉන්න පුටු sun deck, swimming pool එකක්, විශාල ඇඳක්, සහ සැටලයිට් ඇන්ටනාවක් එහෙම තියන එක. මේක හදල තියෙන්නෙ ඇමරිකා වේ කැලිෆෝනියා ප්‍රන්තයේ ජේ ඕබර්ග් කියල මහත්තයෙක්. මේක නිකන් නම් පාරෙ දුවන්නෙ නෑ. ප්‍රදර්ශන, ෆිල්ම් වලට විතරක් ගන්න එකක්ලු. පහල මේකෙ පින්තූර ටිකකුත් තියනව, බලන්න.

No comments:
Post a Comment