මෝටර් රථ ගැන කථා කරන්න, තාක්ශනික දැනුම බෙදා ගන්න, මොටර් රථ ක්ශේත්‍රයේ අළුත්ම ප්රවනතා ගැන දැනගන්න.
Friday, October 21, 2011
Bajaj ULC project
බජාජ් ත්‍රි වීල්, මෝට බයික් පැදපු අපේ අයටත් මේක සුභ ආරන්චියක් වෙයි. ඔන්න ඉන්දියාවෙ බජාජ් සමාගම අළුතින් කාර් එකක් වෙලඳපොලට එවන්න කටයුතු කරන් යනවලු. මේකට බජාජ් සමාගමට සහයෝගය ලබාදෙන්නෙ නිසන් හා රෙනෝල්ට් සමාගම් කියලයි දැනගන්න තියෙන්නෙ. දැනට මේ වාහනේ වෙලඳපොලට ඉදිරිපත් කරලනම් නෑ. පරීක්ශන මට්ටමේ තමයි තියෙන්නෙ. වාර්ථා වෙන හැටියට මෙහි ගියර් පද්දතිය automatic and manual යන ලෙසින් හා ඉන්ජිම සිලින්ඩර 2ක petrol and diesel දෙආකාරයටමත් නිපදවීමට බලාපොරොත්තුවෙන් සිටින බව තමයි දැනගන්න තියෙන්නෙ. ඒ වගේම මේ කාර් එක ඉන්දියාව ඇතුලෙ 2500$ත් 3000$ත් අතර මිලකට වෙලඳපොලට නිකුත් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නෙ. සමහර විට මේක බජාජ් සමාගම ටාටා නැනෝ එකට දුන්නු හොඳ උත්තරයක් වෙන්න පුළුවන්. කොහොම උනත් ලඟදි දවසක අපිටත් බජාජ් කාර් එකක යන්න පුළුවන් වෙයි. මේ තියෙන්නෙ බජාජ් කාර් එකේ පින්තූර ටිකක්.









No comments:
Post a Comment