Sunday, July 8, 2012

 මෝටර් රථයක බැටරිය නිසා ඇතිවන දෝශ හා දෝශ නිවැරදි කරගැනීම.


මූලිකව මෝටර් රථයක බැටරිය කියන්නෙ කෝෂ 6කින් සමන්විත දෙයක්. එක් කෝෂයක වෝල්ට් අගය ආසන්න 2.2 ක්. ඒ කියන්නෙ + අග්‍රයෙ ඉඳලා - අග්‍රය දක්වා සම්පූර්ණ වොල්ටීයතාව වොල්ට් 13කට ආසන්න ධාරිතාවක්. ඒ එක්කම බැටරික කෝෂ තුල අඩංගු ඊයම් තහඩු අම්ල ද්‍රාවනයක තමයි රඳවලා තියෙන්නෙ. හැම බැටරියකටම වොල්ට් අගය ඇරුනහම ඇම්පියර් ධාරිතාවක් තියනවා. වෝලිටීයතාව වගේම බැටරියේ ඇම්පියර් අගයත් නිවැරදි ප්‍රශස්ත අගයක තීබීම වැදගත්. ඩිජිටල් ලෝඩ් ටෙස්ට් එකකදි ඇම්පියර් ගාන නිවැරදිව තියනවද කියලා ආසන්නතම දල නිගමනයකට පුළුවන්. දැන් අපි බැටරියක ඇති වෙන්න පුළුවන් දොශ ගැන කථා කරමු.

* බැටරියේ ශෙල් තුල ආරෝපන තැම්පත් කර ගැනීමට නොහැකි තත්වයට පැමින තිබීම.
 බොහෝ විට මෙම දෝශයේදි වෙන්නෙ වාහනය උදේට හෝ පැය කිහිපයක් එක දිගට නවතා තැබීමෙන් පසු නැවත පන ගන්වා ගැනීමට නොහැකි වීමයි. බැටරිය මෙම තත්වයට පැමින ඇත්නම් බැටරිය මාරු කර දැමීම කල යුතුයි.
 
* රථයේ ඇති පරිපථ දෝශයක් හෝ විදුලි කාන්දුවක්.
මෙම දෝශයෙදිත් දකින්න ලැබෙන්නෙ වාහනය උදේට හෝ පැය කිහිපයක් එක දිගට නවතා තැබීමෙන් පසු නැවත පන ගන්වා ගැනීමට නොහැකි වීමයි. නිවැරදිවම දෝශය හඳුනා ගන්න නම් බැටරි ටර්මිනලය බැටරි අග්‍රයන් විසන්දි කර තබා නැවත වාහනය පන ගන්වා බැලීමට පුළුවන්.  පලපුරුදු මෝටර් රථ විදුලි කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ශා කර දොශය නිවැරදි කර ගැනීම කල හැකී.

* බැටරි අග්‍ර ටර්මිනලය සමඟ නිසි ලෙස සම්බන්ද නොවී තිබීම නිසා නිසි ලෙස ආරෝපනය නොවී තිබීම.
නිසි ලෙස බැටරිය ආරෝපනය වීමටත් බැටරියෙන් ආරෝපන ලබා ගැනීමටත් බැටරියක අග්‍ර දෙක ටර්මිනල් සමග හොඳින් සම්බන්ද වී තිබිය යුතුයි. ටර්මිනල් හොඳින් බැටරියට සම්බන්ද කිරීමෙන් හෝ ටර්මිනල් ඉවත් කල යුතු තත්වයේ ඇත්නම් අළුතින් ටර්මිනල් යොදා දෝශය නිවැරදි කිරීම කල හැක.

*
බොහෝ කාලයක් මෝටර් රථය පරිහරනය නොකිරීම නිසා බැටරියේ ආරෝපන තත්වය අඩු වීම.
බැටරියක් බොහෝ කාලයක් භාවිතා නොකර තැබීමෙන් බැටරියක ආරෝපන රඳවා ගැනීමේ හැකියාව අඩු වීමක් සිදු වේ. බැටරිය නැවත ආරෝපනය කර යෙදීමෙන් ඇතැම් විට ප්‍රථිඵලයක් ලබා ගත හැකි වුවත් බැටරියේ ධාරිතාව විශාල ලෙස අඩු වී ඇති විට නැවත අළුත් බැටරියක් යෙදීමන් ගැටලුව නිරාකරනය කර ගැනීමට සිදු වේ.

* බැටරියේ එක් ෂෙල් එකක් හෝ කිහිපයක් නිසි ලෙස ක්‍රියා නොකිරීම.
මෙය පලපුරුදු බැටරි සේවා සපයන ආයතයක් ලවා පරීක්ශා කර හඳුනා ගත යුතුයි. මෙම ගැටලුවේදී බැටරිය අළුතින් යෙදීම කල යුතුයි.

* මෝටර් රථයක බැටරිය ආරෝපනය කිරීමට සම්බන්ධ කෝටස් ( ඕල්ටනේටරය, ඩයෝඩ් ප්ලේට් , කටවුට් එක, ඕල්ටනේටර් බෙල්ට් එක, කන්ට්‍රෝල් අයි.සී එක) ආශ්‍රතව දෝශ මතුවී තිබීම
මෙවන් ගැටළු මල්ටි මීටරයක අධාරයෙන් හෝ බැටරි සේවා සපයන ස්ථානයක උදවුවෙන් පහසුවෙන් හදුනගන්න පුළුවන්. පලපුරුදු මෝටර් රථ විදුල් කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ශා කර දොශය නිවැරදි කරගත යුතුයි.

* මෝටර් බයික් එකක හෝ ත්‍රී රෝද රථයකනම් චාර්ජින් කොයිල් හෝ රෙක්ටිෆයරයේ දෝශ‍ හෝ ඇතැම් විට ෆියුස් කොටස පිලිස්සී තිබීම.
මේ ගැටළුවත් බැටරි සේවා සපයන ස්ථානයක උදවුවෙන් හදුනගන්න පුළුවන්. පලපුරුදු මෝටර් විදුලි කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ශා කර දොශ නිවැරදි කර ගැනීම කල හැකී.

* වාහනයේ ඇති විදුලි උපාංග එකක් හෝ කිහිපයක් රථය පන ගැන්වීමකින් තොරව බොහෝ වේලාවක්   ක්‍රියාත්මක කර තැබීම නිසා බැටරියේ ධාරිතාව අඩු වී තිබීම.

බැටරිය නැවත ආරෝපනය කර සවිකිරීම සුදුසුම ප්‍රථිකර්මයයි, බූස්ටර් කේබලයක් මගින් වාහනය පන ගන්වා  යම් වේලාවක් ධාවනය කිරීමත් කල හැක (මෙය ප්‍රමානයටත් වඩා ආරෝපයනය ඉවත් වූ බැටරි සඳහා සුදුසු ක්‍රමයක් නොවෙයි)

*බැටරිය අඩුවෙන් ආරෝපනය වීම. (ලෝවර් චාර්ජ් )
  මෙම දෝශය ඇති විට මීටර් බෝඩ් එකෙහි බැටරි චාර්ජින් ලයිට් දැල්වී ඒ බව දක්වනු ඇත. ඇතැම් විට වාහනයේ ලයිට්, ඒ.සී දැමූ විට දොශය දිස්වීමට ඉඩ ඇත.  බැටරි සේවා සපයන ස්ථානයක වාහනය පරීක්ශා කර පලපුරුදු මෝටර් විදුලි කාර්මිකයෙකුගේ සහය ලබා ගෙන දෝශය නිවැරදි කල යුතුයි.

* බැටරිය අධික ලෙස ආරෝපනය වීම. (ඕවර් චාර්ජ්)
මෙම දෝශය ඇති විට බැටරියේ ශෙල් ඉක්මනින් වියලීමට පත් වේ, ශෙල් මතු පිට කවරයේ ඇසිඩ් පින්නක් ලෙස තැම්පත් වීම සිදුවෙයි. විදුලි පරිපත හානි වෙයි,  සීල් බැටරියක් නම් බැටරිය පිපිරීමටද ඉඩ ඇත. බැටරි ෂෙල් ඇතුලතින් හානි වීම සිදුවෙයි. බැටරි සේවා සපයන ස්ථානයක වාහනය පරීක්ශා කර පලපුරුදු මෝටර් විදුලි කාර්මිකයෙකුගේ සහය ලබා ගෙන දෝශය නිවැරදි කල යුතුයි. 

* බැටරි අග්‍ර වල හා සවි වන කොටස් වල ලුනු එකතු වී ඔක්සයිඩ් බැදී තිබීම
මේ ගැටළුව ඇති වෙන්න හේතු කිහිපයක්ම තියනවා. බැටරිය නිසි ආකාරයෙන් නඩත්තු නොකිරීම, බැටරියේ නියමිත ලෙවල් ප්‍රමානයට වඩා වතුර යොදා තිබීම, ඇසිඩ් සාන්ද්‍රනයේ වෙනස් වීම්, බැටරිය අධිකව චාර්ජ් වීම, බැටරියේ ශෙල් හොඳ මට්ටමක නොමැති වීම,  කනුව, (ටර්මිනල්) කොටසේ සියුම් පිපිරී තිබීම හෝ පිලිස්සී තිබීමක්.
දෝශය නිවැරදි කර ගැනීමට පලපුරදු බැටරි සේවා සපයන්නෙකුගේ සහය ලබා ගැනීම වඩා යෝග්‍යයි. වැක්ස්ලීන් එකක් ( හෙයා ජෙල් හොඳ ආදේශකයක් ) බාවිතා කිරීමෙන් තාවකාලිකව ලුනු බැඳීම අවම කල හැක.

* බැටරිය අභ්‍යන්තරයෙන් හානී වී තිබීම.
මෙම දෝශය පලපුරුදු බැටරි සේවා සපයන්නෙකුගේ සහය ඇතිව හඳුනා ගත යුතුයි. බොහෝ විට බැටරිය අළුතින් යෙදීම වඩා සුදුසුම ප්‍රතිකර්මයයි.

* බැටරියේ වතුර මට්ටම අඩු වී තිබීම.
මේ ගැටළුව ගොඩක් සුලබ දෙයක්. නිසි ආකාරයෙන් බැටරියේ වතුර මට්ටම රදවා නොගැනීමෙන් ශෙල් පිපිරීම, බැටරියේ විද්‍යුත් ධාරිතාව අඩු වීම, ශෙල් වලට හානි සිදුවීම, වගේ දේවල් වෙන්න පුළුවන්. බැටරි සේවා ස්ථානයකින් මසකට වරක් බැටරිය පරීක්ශා කර ගැනීමෙන් ගැටළුව ඇති වීම වලක්වා ගත හැකි.

මීට අමතරව ඔබේ මෝටර් රථයේ බැටරිය අශ්‍රිතව පිරිසිදුව හා වියලිව තබා ගත යුතුය, බැටරිය මත තෙතමනයක් තිබෙනවා නම් එය ප්‍රශස්ත නොවේ. නිසි ආකාරයෙන් අවම මාසයකට වරක් හෝ (නඩත්තු රහිත බැටරියක් නම් මාස 3ට වරක්) හෝ සේවා මධ්‍යස්ථානයකින් පරීක්ශාකර ගැනීම යෝග්‍ය වේ. එලෙසින්ම ටොයොටා විට්ස්, ප්‍රිමියෝ 260, ඇලියෝන් 260, බෙල්ටා ආදී ඇතැම් මෝටර් රථ වල 12 බැටරිය එක වර විසන්ධි කර දැමීම සුදුසු නොවෙයි.

මේ මම කියලා තියෙන්නෙ ගොඩක් සුලබව ඇති වෙන්න පුළුවන් ගැටළු කිහිපයක්. මීට අමතරව බැටරිය හොඳ තත්වයෙන් නැත්නම් වාහනයේ තෙල් කාර්යක්ශමතාව අඩු වීම, වාහනය පන ගන්වා ටික දුරක් යන තුරු ඔල්ටනේටරයේ බෙල්ට් එක ශබ්ද වීම, ස්ටාටර් මෝටරයේ කන්ටැක් කොටස් හා බ්‍රශ් කොටස් දැවී යාම, සොලෝනයිඩ් ස්විචයට (ස්ටාටර් රිලේ) හානි සිදුවීම, මෝටර් රථයේ විදුලි පරිපථ වල දෝශ, වගේ තත්වයන් ඇතිවීමට පුළුවන්.

බැටරියක ඇතුලත හරස් කඩක්


බැටරියක ඇතුලත හරස් කඩක්


බැටරි ශෙල් එක හා ටර්මිනල් කනුව සම්බන්ධ වන අයුරු



හානි වූ ශෙල් එකක්



ලිපියෙහි අයිතිය තලවතුගොඩ දිසානායක මෝටර්ස් ඇන්ඩ් බැට්රි වර්ක්ස් ආයතනය සතු වේ....!!

Friday, October 21, 2011

Cetificate of JAAI. ජායි සහතිකය


මෙය ජපානය තුල භාවිථා කරන ලද යම් මෝටර් රථයක් ශ්‍රි ලංකාව වෙත හෝ වෙන යම් රටකට අපනයනය කිරීමේදී එම මොටර් රථය තව දුරටත් භාවිථා කිරීමට සුදුසු ධාවන තත්වයේ තිබෙන බව සහතික කරමින් ජපානයේ Japan Auto Appraisal Institute නම් ආයතනය මගින් නිකුත් කරනු ලබන යෝග්‍යතා සහතිකයයි. ශ්‍රි ලංකාව වෙත ජපානයෙන් ගෙන්වන මොටර් රථ බොහෝමයක් ජපානයේ භාවිථා කරන ලද (Unregistered Recondition) තත්වයේ ඒවායි. මෙහිදී ජායි සහතිකය වැදගත් වන්නේ එය තව දුරටත් භාවිථා කිරීමට සුදුසු තත්වයේ පවතින බව ජපාන විසින්ම නිර්දේශ කොට සහතික කර ඇති බැවිනි. තවද මේ වන විට අප රටෙහි බල පැවැත්වෙන නීතිය වන්නේ පෞද්ගලික පරිහරනයේ තිබූ මෝටර් රථයක් ගෙන්වීමේදී එය වසර 3කට නොවැඩි විය යුතු බවත් යම් ආයතනයක් තුල භාවිථා කොට ගෙන්වන ලද වාහනයක් නම් එය වසර 5ට වැඩි නොවිය යුතු බවත්ය. මෙහි ඇති ලින්ක් එක ඔස්සේ ජායි සහතිකය පිලිබඳ තවත් දීර්ඝ විස්තරයක් ලබා ගත හැක. මේ සමඟ පළ කර ඇති පින්තූරය තුල දක්වා ඇත්තේ ජායි සහතිකය හා අදාල සහතික කර අලවනු ලබන ස්ටිකර් එකයි.....
http://www.japanautotrading.com/jaaiview.php

Bajaj ULC project









බජාජ් ත්‍රි වීල්, මෝට බයික් පැදපු අපේ අයටත් මේක සුභ ආරන්චියක් වෙයි. ඔන්න ඉන්දියාවෙ බජාජ් සමාගම අළුතින් කාර් එකක් වෙලඳපොලට එවන්න කටයුතු කරන් යනවලු. මේකට බජාජ් සමාගමට සහයෝගය ලබාදෙන්නෙ නිසන් හා රෙනෝල්ට් සමාගම් කියලයි දැනගන්න තියෙන්නෙ. දැනට මේ වාහනේ වෙලඳපොලට ඉදිරිපත් කරලනම් නෑ. පරීක්ශන මට්ටමේ තමයි තියෙන්නෙ. වාර්ථා වෙන හැටියට මෙහි ගියර් පද්දතිය automatic and manual යන ලෙසින් හා ඉන්ජිම සිලින්ඩර 2ක petrol and diesel දෙආකාරයටමත් නිපදවීමට බලාපොරොත්තුවෙන් සිටින බව තමයි දැනගන්න තියෙන්නෙ. ඒ වගේම මේ කාර් එක ඉන්දියාව ඇතුලෙ 2500$ත් 3000$ත් අතර මිලකට වෙලඳපොලට නිකුත් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නෙ. සමහර විට මේක බජාජ් සමාගම ටාටා නැනෝ එකට දුන්නු හොඳ උත්තරයක් වෙන්න පුළුවන්. කොහොම උනත් ලඟදි දවසක අපිටත් බජාජ් කාර් එකක යන්න පුළුවන් වෙයි. මේ තියෙන්නෙ බජාජ් කාර් එකේ පින්තූර ටිකක්.

මිනි කූපර්

මිනි කූපර් එක නිපදවල තියෙන්නෙ 1959 දි බ්‍රතාන්‍යය මෝටර් රථ සමාගම (British Motor Corporation) විසින්. මෙහි නිර්මානය සැලසුම් කරල තියෙන්නෙ Sir Alec Issigonis කියල මහත්තයෙක්. මිනි කාර් කාන්ඩය ගත්තහම ලොකු මාදිලි පරාසයක් තියනව. මිනි පිකප්, මිනි රෝවර්, මිනි මාර්ක්, මිනි කූපර්, මිනි වෑන්, මිනි මොක්, මිනි ක්ලබ් මන්, වගේ විශාල පරාසයක්. 1966න් පස්සෙ... වාහන කාන්ඩය ඔස්ටින් (Austin) හා මොරිස් (Morris) නාම යටතේ නිෂ්පාදනය ආරම්භ කරන්න පටන් අරන් තියනව. 1980 වෙද්දි කොහොම හරි මිනි කූපර් නිෂ්පාදනයේ පූර්න අයිතිය Austin සමාගම සතු වෙලා තියනව. මේ අපූරු වාහනේ තාක්ශනික පැත්ත ගැන කියනවනම්, ෆරන්ට් වීල් ඩ්‍රයිව් (front-wheel-drive) කරන කාර් එකක්. ඉන්ජින් ධාරිතාව 850CC ඉදන් 1275CC වෙනකම් ඇවිත් තියෙනව. සාමාන්‍යයෙන් මේකෙ ගියර් පද්දතිය ගියර් 4 ස්වයංක්‍රය හා මැනුවල් කියන දෙවිදියටම ඇවිත් තියනව. හැබැයි ගියර් 5 විශේෂ මාදිලියකුත් නිපදවල තියනව. මේකත් වොක්ස් වැගන් එක වගේ දොර දෙක කාර් එකක්. මිනි කූපර් එක තාමත් නිපදවනව, හැබැයි ආවේනික පෙනුමට ලොකු හානියක් නොකර. දැන්නම් මේ කාර් එකට හැමෝම කථා කරන හයිබ්‍රඩ් තාක්ෂනයත් එකතු කරල තියනව. මේකෙ පින්තූර ටිකකුත් මම දාන්නම්. ටිකක් සූම් කරල බලන්න වෙයි.

වොල්ක්ස් වැගන් බීට්ල්

වොල්ක්ස් වැගන් බීට්ල්. 1938 දි විතර ජර්මනියෙදි තමයි වොල්ක්ස් වැගන් බීට්ල් රථය බිහි වෙන්නෙ. කාර් එකේ නිර්මාතෘ ලෝක ප්රවකට ෆර්ඩිනන්ඩ් පෝෂර් (Ferdinand Porche). බීටල් රථය ඇත්තටම හිට්ලර් නිසා නිපදවුන එකක්. මේ කාලයේදි හිට්ලර් නියෝගයක් නිකුත් කර තිබෙනවා මෝටර් රථ නිශ්පාදකයින්ට, සාමාන්ය් පවුලකට දරන්න පුලුවන් මිලකට සැප පහසු කාරයක් නිපදවන ලෙස. Porche ඔහුගේ මෙම බීටල් රථය හිට්ලර්ට පෙන්වා හිට්ලර්ගේ නියෝගයට මෙය සම්පූර්නයෙන්ම ගැලපෙන් බව පෙන්වාදී තිබෙනවා. මෙම රථයේ ඇති විශේෂතාවයක් වන්නේ ඇන්ජිම කාරයේ පසුපස කොටසේ පිහිටා තිබිමයි. වායු සිසිළන පද්දතියක් සහිත ඇන්ජිම සිලින්ඩර 4කින් යුක්තය.ඇන්ජිමේ ධාරිතාව 1000,1100,1200,1300,1500 සහ 1600 වැනි මාදිලි වලින් මුල්කාලයේ නිෂ්පාදනය කෙරින.මෙය දොර 2 කින් යුක්ත වන අතර  කාරය නිමවා ඇති ලෝහය ඉතාමත් ශක්තිමත්ය. මෙහි ඉතා අගනා engine සහ suspension තාක්ෂනයක් යොදාගෙන ඇත. අද වන විට 2012 ටද මාදිලියක් ඉදිරිපත් කරමින් වොල්ක්ස් වැගන් රථය බොහෝ දුර ගමනක් පැමින ඇත. එදා හිට්ලර්ගේ නියමයක් මත නිපදවු බීට්ල් රථය මේ තරම් දුර එයි යැයි ෆර්ඩිනන්ඩ් පෝෂර් වත් නොසිතන්නට ඇත.

ගිනස් පොතේ පුංචිම කාර් එක

මේ ගිනස් පොතේ පුංචිම කාර් එක ගැනයි . මේක කාර් එකක් කිවුවට ටිකක් ජිප් එකක හැඩේ තමයි තියෙන්නෙ. ජර්මනියෙ ඇසෑන් ප්‍රන්තයෙ පෙරී වැට්කින්ස් කියල මහත්තයෙක් තමයි මේක හදල තියෙන්නෙ. කාර් එකේ උස අගල් 47යි, දිග අඟල් 51යි, පලල අඟල් 26යි. මේ කාර් එකේ උපරිම වේගය පැයට කි.මී 160ක් කියල තමයි කියන්නෙ. කාර් එකට අපූරු නමක් තමයි දීල තියන්නෙ (ගුලි කරපු පුංචි කාර් එක) (wind up mini car). හැබැයි ඔන්න මගෙන් අහන්න එපා මේකෙ මිනිහෙක්ට කොන්ද කෙලින් තියාගෙන එලවන්න පුළුවන්ද කියල එහෙම............

ලෝකෙ දිගම ලිමෝ එක

මේ ගිනස් වාර්ථා අතරට ගිය ‍ලෝකෙ දිගම ලිමෝ එක. මේකෙ සම්පූර්න දිග අඩි 100ක් (මිටර් 35.5ක්). මේක ඇහුවහම හිතෙන්න පුළුවන් මේ තරම් දිග වාහනයක් කොහොමද හරවන්නෙවත් කියල. ඇත්තටම මේ වාහනේ මැදින් නැමෙන විදියටයි හදල කරල තියෙන්නෙ. මේ කාර් එකට රෝද 26ක් තියෙනව. ලොකුම පුදුමෙ තමයි මේ කාර් එකේ ඇතුලෙ ලොකු ජගුසි ටබ් Jacuzzi tub එකක්,හෙලිකොප්ටර් පෑඩ් එකක්, හිරු එලියෙ වාඩිවෙලා ඉන්න පුටු sun deck, swimming pool එකක්, විශාල ඇඳක්, සහ සැටලයිට් ඇන්ටනාවක් එහෙම තියන එක. මේක හදල තියෙන්නෙ ඇමරිකා වේ කැලිෆෝනියා ප්‍රන්තයේ ජේ ඕබර්ග් කියල මහත්තයෙක්. මේක නිකන් නම් පාරෙ දුවන්නෙ නෑ. ප්‍රදර්ශන, ‍ෆිල්ම් වලට විතරක් ගන්න එකක්ලු. පහල මේකෙ පින්තූර ටිකකුත් තියනව, බලන්න.