මෝටර්
රථයක බැටරිය නිසා ඇතිවන දෝශ හා දෝශ නිවැරදි කරගැනීම.
මූලිකව මෝටර් රථයක බැටරිය කියන්නෙ කෝෂ 6කින් සමන්විත දෙයක්. එක් කෝෂයක වෝල්ට් අගය ආසන්න 2.2 ක්. ඒ කියන්නෙ + අග්‍රයෙ ඉඳලා - අග්‍රය දක්වා සම්පූර්ණ වොල්ටීයතාව වොල්ට් 13කට ආසන්න ධාරිතාවක්. ඒ එක්කම බැටරික කෝෂ තුල අඩංගු ඊයම් තහඩු අම්ල ද්‍රාවනයක තමයි රඳවලා තියෙන්නෙ. හැම බැටරියකටම වොල්ට් අගය ඇරුනහම ඇම්පියර් ධාරිතාවක් තියනවා. වෝලිටීයතාව වගේම බැටරියේ ඇම්පියර් අගයත් නිවැරදි ප්රශස්ත අගයක තීබීම වැදගත්. ඩිජිටල් ලෝඩ් ටෙස්ට් එකකදි ඇම්පියර් ගාන නිවැරදිව තියනවද කියලා ආසන්නතම දල නිගමනයකට පුළුවන්. දැන් අපි බැටරියක ඇති වෙන්න පුළුවන් දොශ ගැන කථා කරමු.
* බැටරියේ ශෙල් තුල ආරෝපන තැම්පත් කර ගැනීමට නොහැකි තත්වයට පැමින තිබීම.
බොහෝ විට මෙම දෝශයේදි වෙන්නෙ වාහනය උදේට හෝ පැය කිහිපයක් එක දිගට නවතා තැබීමෙන් පසු නැවත පන ගන්වා ගැනීමට නොහැකි වීමයි. බැටරිය මෙම තත්වයට පැමින ඇත්නම් බැටරිය මාරු කර දැමීම කල යුතුයි.
* රථයේ ඇති පරිපථ දෝශයක් හෝ විදුලි කාන්දුවක්.
මෙම දෝශයෙදිත් දකින්න ලැබෙන්නෙ වාහනය උදේට හෝ පැය කිහිපයක් එක දිගට නවතා තැබීමෙන් පසු නැවත පන ගන්වා ගැනීමට නොහැකි වීමයි. නිවැරදිවම දෝශය හඳුනා ගන්න නම් බැටරි ටර්මිනලය බැටරි අග්‍රයන් විසන්දි කර තබා නැවත වාහනය පන ගන්වා බැලීමට පුළුවන්. පලපුරුදු මෝටර් රථ විදුලි කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ශා කර දොශය නිවැරදි කර ගැනීම කල හැකී.
* බැටරි අග්‍ර ටර්මිනලය සමඟ නිසි ලෙස සම්බන්ද නොවී තිබීම නිසා නිසි ලෙස ආරෝපනය නොවී තිබීම.
නිසි ලෙස බැටරිය ආරෝපනය වීමටත් බැටරියෙන් ආරෝපන ලබා ගැනීමටත් බැටරියක අග්‍ර දෙක ටර්මිනල් සමග හොඳින් සම්බන්ද වී තිබිය යුතුයි. ටර්මිනල් හොඳින් බැටරියට සම්බන්ද කිරීමෙන් හෝ ටර්මිනල් ඉවත් කල යුතු තත්වයේ ඇත්නම් අළුතින් ටර්මිනල් යොදා දෝශය නිවැරදි කිරීම කල හැක.
* බොහෝ කාලයක් මෝටර් රථය පරිහරනය නොකිරීම නිසා බැටරියේ ආරෝපන තත්වය අඩු වීම.
බැටරියක් බොහෝ කාලයක් භාවිතා නොකර තැබීමෙන් බැටරියක ආරෝපන රඳවා ගැනීමේ හැකියාව අඩු වීමක් සිදු වේ. බැටරිය නැවත ආරෝපනය කර යෙදීමෙන් ඇතැම් විට ප්රථිඵලයක් ලබා ගත හැකි වුවත් බැටරියේ ධාරිතාව විශාල ලෙස අඩු වී ඇති විට නැවත අළුත් බැටරියක් යෙදීමන් ගැටලුව නිරාකරනය කර ගැනීමට සිදු වේ.
* බැටරියේ එක් ෂෙල් එකක් හෝ කිහිපයක් නිසි ලෙස ක්‍රියා නොකිරීම.
මෙය පලපුරුදු බැටරි සේවා සපයන ආයතයක් ලවා පරීක්ශා කර හඳුනා ගත යුතුයි. මෙම ගැටලුවේදී බැටරිය අළුතින් යෙදීම කල යුතුයි.
* මෝටර් රථයක බැටරිය ආරෝපනය කිරීමට සම්බන්ධ කෝටස් ( ඕල්ටනේටරය, ඩයෝඩ් ප්ලේට් , කටවුට් එක, ඕල්ටනේටර් බෙල්ට් එක, කන්ට්‍රෝල් අයි.සී එක) ආශ්රතව දෝශ මතුවී තිබීම
මෙවන් ගැටළු මල්ටි මීටරයක අධාරයෙන් හෝ බැටරි සේවා සපයන ස්ථානයක උදවුවෙන් පහසුවෙන් හදුනගන්න පුළුවන්. පලපුරුදු මෝටර් රථ විදුල් කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ශා කර දොශය නිවැරදි කරගත යුතුයි.
* මෝටර් බයික් එකක හෝ ත්‍රී රෝද රථයකනම් චාර්ජින් කොයිල් හෝ රෙක්ටිෆයරයේ දෝශ හෝ ඇතැම් විට ෆියුස් කොටස පිලිස්සී තිබීම.
මේ ගැටළුවත් බැටරි සේවා සපයන ස්ථානයක උදවුවෙන් හදුනගන්න පුළුවන්. පලපුරුදු මෝටර් විදුලි කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ශා කර දොශ නිවැරදි කර ගැනීම කල හැකී.
* වාහනයේ ඇති විදුලි උපාංග එකක් හෝ කිහිපයක් රථය පන ගැන්වීමකින් තොරව බොහෝ වේලාවක් ක්‍රියාත්මක කර තැබීම නිසා බැටරියේ ධාරිතාව අඩු වී තිබීම.
බැටරිය නැවත ආරෝපනය කර සවිකිරීම සුදුසුම ප්රථිකර්මයයි, බූස්ටර් කේබලයක් මගින් වාහනය පන ගන්වා යම් වේලාවක් ධාවනය කිරීමත් කල හැක (මෙය ප්‍රමානයටත් වඩා ආරෝපයනය ඉවත් වූ බැටරි සඳහා සුදුසු ක්‍රමයක් නොවෙයි)
*බැටරිය අඩුවෙන් ආරෝපනය වීම. (ලෝවර් චාර්ජ් )
මෙම දෝශය ඇති විට මීටර් බෝඩ් එකෙහි බැටරි චාර්ජින් ලයිට් දැල්වී ඒ බව දක්වනු ඇත. ඇතැම් විට වාහනයේ ලයිට්, ඒ.සී දැමූ විට දොශය දිස්වීමට ඉඩ ඇත. බැටරි සේවා සපයන ස්ථානයක වාහනය පරීක්ශා කර පලපුරුදු මෝටර් විදුලි කාර්මිකයෙකුගේ සහය ලබා ගෙන දෝශය නිවැරදි කල යුතුයි.
* බැටරිය අධික ලෙස ආරෝපනය වීම. (ඕවර් චාර්ජ්)
මෙම දෝශය ඇති විට බැටරියේ ශෙල් ඉක්මනින් වියලීමට පත් වේ, ශෙල් මතු පිට කවරයේ ඇසිඩ් පින්නක් ලෙස තැම්පත් වීම සිදුවෙයි. විදුලි පරිපත හානි වෙයි, සීල් බැටරියක් නම් බැටරිය පිපිරීමටද ඉඩ ඇත. බැටරි ෂෙල් ඇතුලතින් හානි වීම සිදුවෙයි. බැටරි සේවා සපයන ස්ථානයක වාහනය පරීක්ශා කර පලපුරුදු මෝටර් විදුලි කාර්මිකයෙකුගේ සහය ලබා ගෙන දෝශය නිවැරදි කල යුතුයි.
* බැටරි අග්‍ර වල හා සවි වන කොටස් වල ලුනු එකතු වී ඔක්සයිඩ් බැදී තිබීම
මේ ගැටළුව ඇති වෙන්න හේතු කිහිපයක්ම තියනවා. බැටරිය නිසි ආකාරයෙන් නඩත්තු නොකිරීම, බැටරියේ නියමිත ලෙවල් ප්‍රමානයට වඩා වතුර යොදා තිබීම, ඇසිඩ් සාන්ද්රනයේ වෙනස් වීම්, බැටරිය අධිකව චාර්ජ් වීම, බැටරියේ ශෙල් හොඳ මට්ටමක නොමැති වීම, කනුව, (ටර්මිනල්) කොටසේ සියුම් පිපිරී තිබීම හෝ පිලිස්සී තිබීමක්.
දෝශය නිවැරදි කර ගැනීමට පලපුරදු බැටරි සේවා සපයන්නෙකුගේ සහය ලබා ගැනීම වඩා යෝග්‍යයි. වැක්ස්ලීන් එකක් ( හෙයා ජෙල් හොඳ ආදේශකයක් ) බාවිතා කිරීමෙන් තාවකාලිකව ලුනු බැඳීම අවම කල හැක.
* බැටරිය අභ්‍යන්තරයෙන් හානී වී තිබීම.
මෙම දෝශය පලපුරුදු බැටරි සේවා සපයන්නෙකුගේ සහය ඇතිව හඳුනා ගත යුතුයි. බොහෝ විට බැටරිය අළුතින් යෙදීම වඩා සුදුසුම ප්රතිකර්මයයි.
* බැටරියේ වතුර මට්ටම අඩු වී තිබීම.
මේ ගැටළුව ගොඩක් සුලබ දෙයක්. නිසි ආකාරයෙන් බැටරියේ වතුර මට්ටම රදවා නොගැනීමෙන් ශෙල් පිපිරීම, බැටරියේ විද්‍යුත් ධාරිතාව අඩු වීම, ශෙල් වලට හානි සිදුවීම, වගේ දේවල් වෙන්න පුළුවන්. බැටරි සේවා ස්ථානයකින් මසකට වරක් බැටරිය පරීක්ශා කර ගැනීමෙන් ගැටළුව ඇති වීම වලක්වා ගත හැකි.
මීට අමතරව ඔබේ මෝටර් රථයේ බැටරිය අශ්‍රිතව පිරිසිදුව හා වියලිව තබා ගත යුතුය, බැටරිය මත තෙතමනයක් තිබෙනවා නම් එය ප්රශස්ත නොවේ. නිසි ආකාරයෙන් අවම මාසයකට වරක් හෝ (නඩත්තු රහිත බැටරියක් නම් මාස 3ට වරක්) හෝ සේවා මධ්‍යස්ථානයකින් පරීක්ශාකර ගැනීම යෝග්‍ය වේ. එලෙසින්ම ටොයොටා විට්ස්, ප්‍රිමියෝ 260, ඇලියෝන් 260, බෙල්ටා ආදී ඇතැම් මෝටර් රථ වල 12 බැටරිය එක වර විසන්ධි කර දැමීම සුදුසු නොවෙයි.
මේ මම කියලා තියෙන්නෙ ගොඩක් සුලබව ඇති වෙන්න පුළුවන් ගැටළු කිහිපයක්. මීට අමතරව බැටරිය හොඳ තත්වයෙන් නැත්නම් වාහනයේ තෙල් කාර්යක්ශමතාව අඩු වීම, වාහනය පන ගන්වා ටික දුරක් යන තුරු ඔල්ටනේටරයේ බෙල්ට් එක ශබ්ද වීම, ස්ටාටර් මෝටරයේ කන්ටැක් කොටස් හා බ්‍රශ් කොටස් දැවී යාම, සොලෝනයිඩ් ස්විචයට (ස්ටාටර් රිලේ) හානි සිදුවීම, මෝටර් රථයේ විදුලි පරිපථ වල දෝශ, වගේ තත්වයන් ඇතිවීමට පුළුවන්.

බැටරියක ඇතුලත හරස් කඩක්

බැටරියක ඇතුලත හරස් කඩක්

බැටරි ශෙල් එක හා ටර්මිනල් කනුව සම්බන්ධ වන අයුරු

හානි වූ ශෙල් එකක්
ලිපියෙහි අයිතිය තලවතුගොඩ දිසානායක මෝටර්ස් ඇන්ඩ් බැට්රි වර්ක්ස් ආයතනය සතු වේ....!!
No comments:
Post a Comment